Saturday, February 19, 2011

චික්කගෙ කතා 01

ඉබ්බෙක්ගෙ කතාවල ටිකක් පිනුම් ගහන්ඩ ඉබ්බට ටිකක් කාලෙ අඩු උනාට ඉබ්බ හිතුවා ඉබ්බගෙ මංගල කතා සෙට් එක ඉබ්බගෙ යාළු ඉබ්බෙක් ගැනම ලියන්ඩ කියලා.
මේ කියන ඉබ්බට හැමෝම කියන්නෙ පොරගෙ නම නෙමේ කියනවනෙ. පොර ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ "චික්කා" කියන නමින් කියන්නෙ. 
අපේ මේ ඩයල් එක දැන්නම් ඉතින් ලංකාවටම ඔය බෙල් ගස්සන ටෙලිපෝන් කොම්පැණියක හොඳ ජොබ් එකක් තමා කරන්නෙ.
පොරට කතා නම් අම්බානක තියනවා. නිවි හැනහිල්ලේ ලියන්නම්කෝ.
හා හා පුරා කියල චික්කට උන ගැණුන සීන් එක ලියන්නම්කො (උන කියන එක හරිද මන්දා)
ඔන්න මේ අපේ කොල්ලට හොඳට ක්‍රිකට් එහෙම ගහන්ඩ පුලුවන්.දැනුත් අර බෙල් ගස්සන කොම්පැණියෙත් ඒකම තමා කරන්නෙ.අපේ ඩයල් එකේ කොච්චර කැපවීමද කියනවනම් මූට අව්ව වැස්ස ගානක් නෑ. පොර දවසක් ප්‍රැක්ටිස් කරල එනකොට අම්බානක වැස්සලු. ඒ මදිවට මුන්ගෙ ගෙදරට යන්ඩ තියෙන්නෙ වැව් බන්ට් එක දිගේ ගිහින් වැවට වතුර ගේන ඇල අයිනෙන්. මේකත් හෙන පට්ට ඇල. ඒ මදිවට බලන්ඩ හරි ලස්සනයි, 
අපෙ කොල්ලත් ඉතින් වැස්සෙම පොරගෙ පුටාර් එකෙ ගෙදරටම ඇල්ලුව. එතකොටත් මූ මාළුවා වගේ ගැහි ගැහි ඉඳලා තියෙන්නෙ.
අම්මත් ඉතින් පව්නෙ කියලා කෝපි එකක් එහෙම හදලා දීලා කන්ඩත් කිවවලු. චික්කත් කාලා එහෙම නිදාගෙන පහුවදා උදේ මූට නැගිටින්ඩවත් බැරිව අම්බානක උනලු.
දැන් ඉතින් මූට ඉස්කෝලෙ යන්ඩත් නැහැලු. අම්මත් බැලුවලු පව් කොල්ලා කියලා අම්මා බැංකුවට යන ගමන් අපේ ඩයල් එකත් එකකගෙන ගිහින් බෙහෙත් අරන් දීලා ගෙදර එවලා බැංකුවට ගිහින්.
අපේ කොල්ලත් ගෙදර ඇවිත් ඉන්න ගමන් පොරට නාන්ඩ හිතිලා. එත් වැස්ස තමා කේස් එක වෙලා තියෙන්නෙ අනික අම්මත් නෑ යතුර තියන තැන දන්නෙත් නෑ.මෙහෙම හිතද්දි චික්කගෙ ටිකිරි මොලේට ලෝකෙ හොඳම අයිඩියා එක ඇවිත් කොල්ලා  ටක්ගාලා කොලේකුයි පෑනකුයි කුඩෙයි ටවල් එක්කුයි අරගෙන එලියට ඇවිත් දොර එහෙම වහලා යතුර රෝස මල්පෝච්චිය යටින් තියලා කොලේ ලිව්වලු 
" අම්මේ මම ඇලට නාන්ඩ යනවා යතුර රෝස මල් පෝච්චිය යට" ලියලා කොලේ ගෙනත් දොරේ එල්ලලා කුඩෙත් ඉහලගෙන ඇලට නාන්ඩ ගිහින්. දැන් වෙලාවත් 2ට විතර ඇතිලු චික්කත් අයියා වගෙ කුඩෙත් ඉහලගෙන නානකොට ඉස්කෝලෙ ඇරිලා ලමයි ගෙවල් වලට යනවලු. එතන ඉඳලා චික්කගෙ නෑදෑ වෙන ගෑණු ලමයෙක් මේකිටත් කට පියාගෙන ඉන්ඩ බැරුව චික්කගෙන් අහපි " මොකද චික්කායියේ මේ කුඩයක් ඉහලගෙන නාන්නෙ". චික්කත් කියපි "නෑ නංගි මට උන උදේ ඩොක්ටර් කිව්ව තෙමෙන්ඩ එපා කියලා, මම මේ තෙමෙන්නැති වෙන්ඩ කුඩෙත් ඉහලගෙන නානව" කොහොමද ටිකිරි මොලේ. අනේ ඉතින් කෙල්ලත් බත් කන මුඛෙන් නැතුව අනිකෙනුත් හිනා වෙලා යන්ඩ ගියාලු. අනේ මුගෙ කරුමෙටද මංදා එතකොටම අම්මා ගෙදර ඇවිත් දොරේ තියන නෝටිස් එක කියවලා ඇල ලගට ඇවිත් කොල්ලගෙ කනෙන් ඇදන් ගෙදර ගියාලු.
ගෙදර ගිහින් කොල්ලට පව්නෙ කියලා වැඩිය මුකුත් කියන්නෙ නැතුව ඔය සතෙකුගෙ දෙන්නෙක්ගෙ නම් වලින් අමතලා කඩෙන් ගෙනාපු කට්ලට් එකකුයි රෝල් එකකුයි කාපන්  කාපන් පුතේ කියලා දීලා කුස්සියට ගියාලු තේ එකක් හදන් එන්ඩ කියලා. අනේ අම්ම තේ එක හදාගෙන එනකොට අපේ මේ සීදේවි කොල්ලා රෝල් එකෙ වටේ තියන (ඕකට හරියටම කියන නම මම නම් දන්නැතෝ) පාන්පිටි පේස්ට් එක ගලවලා අතුලෙ තියන මාලු ටික විතරක් කනවලු, අම්මට දැන් ඌරු ජුවල්ලු අම්ම අහනවලු ''ඈ බොල මැටි හරකො මේ මොකද මේ" චික්කට ඊට වඩා මලලු '' මොකද කියලා අහන්නෙ ඇහුන්නෙ නැද්ද ඩොක්ටර් කිව්ව පිට කෑම කන්ඩ එපා කියලා" අනේ අර අසර්ණ අම්මට හිතෙන්ඩ ඇති මූව හැදුවට වඩා කිරි හරක් දෙන්නෙක් හැදුවනම් හොඳයි කියලා.


මුගෙ තියන හරක් කම කියන්නෙ පහුවදා ඉස්කෝලෙ ඇවිත් ඔය කතාව හැමෝටම කිවවනෙ

Thursday, February 17, 2011

.....මෝඩ කෙල්ලො.....

කොල්ලන්ගේ ආදරේ
කොටසක්ලු ජීවිතේ......
ඒත්..
කෙල්ලන්ගේ ආදරේ
මුලු ජීවිතයමලු......


ඒක නිසා වෙන්ඩ ඇති
බඳින්ඩත් කලින්ම
කෙල්ලො 
හොටෙල් වල
ඇඳ රෙදි
රතු පාටින් 
පාට කරන්නෙ......

..............පඩිය................

මම යාළු උනා
පස්සේ එයා මට බූට් එක තිබ්බා
මට තව එකක්
සෙට් උනා.....
ඒක තියෙද්දිම
මම තව එක්කටත් බැස්සා...
අන්න අරක මරු කෑල්ල
කොහොම හරි ඕකත් සෙට් උනා
දැන් මම කෑලි තුනක් 
එකවැර රන් කරනවා......
මගෙ පඩිය දැන් ඉතුරු වෙන්නෙම නෑ............
ඇයි?
ඇයි..කෙල්ලන්ට
ෆොස්ටිනෝ(ර්) අරගෙනම........

අතහැර ගිය නුඹ.....





අතීතයේ එක දවසක
මතකයි අප පිය නැගුවා
මේ වීදියම............
අදත් නුඹ පියනගයි
මේ වීදියම මා මතින්
වෙනකෙකුගෙ අත ගෙන.......
නුඹ ගැනම සිත සිතා 
දහ දුක් වින්දා
හොඳටෝම ඇති මට...
හෙට සිටම සොයන්නෙමි
අලුත් දෑතක් 
ඇවිද යන්නට මේ වීදියම......
හැබැයි ඒ.......
ආදරයකට නොව
......................







Wednesday, February 16, 2011

.............වෙනස.................



ඉබ්බගෙ ඉබ්බි .......හිරිකිතය ........ දැකලා හරියට අප්ස්ට් ගියා කියන්නෙ.
ඒක හින්ඳා දිගා ඉබ්බා හිතුව හිත හදන්ඩ වචන දෙක තුනක ගලපනව කියලා.


පෙම්වතිය...
 මනහරය..
 පියකරුය..
 අහිංසකය..
 වශීකෘතය..


භාර්යාව...
 සුකොමලය පඩි දාට..
 පියකරුය ෂොපින් දාට..
 අහිංසකයි ඉරිදා..
 වශීකෘතයි වැඩ ඇති දා....


අද ඉබ්බගෙ කට්ට පලයිද දන්නැතො.................

Monday, February 14, 2011

...........හිරිකිතය..........

කොට ගවුම ස්කිනිය(ර්)
බෙල් බොටම තුන්කාල
බලන බලන් අත කෑලි
ලස්සනක් හිතෙන්නෑ.....................
ෂෝ එකක් පමණක්ද.....................
කෙහෙරැල්ල් නෙකවර්ණ
උඩ දමා සොලවමින්
තොල් පටට නියපිටට
තනිකරම රතු පාට...............
ෂෝ එකක් පමණක්ද................
කණ් දෙකේ හෙඩ්පෝන්
අත් දෙකේ පත බැංගල්ය
ෂූ දෙකත් අඩි උසය
කතාවත් "සිංග්ලිෂ්ය"................
ෂෝ එකක් පමණක්ද.................
දැක්කොතින් මෙහෙම අය 
මොකක් හිතේවිද මට............


හිරිකිතය........ හිරිකිතය..........
අමුම අමු හිරිකිතය..........

ඉබ්බගෙ පළවෙනි එක

ඔන්න හා හා පුරා කියලා දිගා බ්ලොග් ලියන්ඩ සෙට් වෙනවා.දිගා බ්ලොග් එකට දාන්ඩ නමක් මතක් කර කර ඉද්දි තමා "ඉබ්බෙක්ගෙ කතා" කියලා දාන්ඩ හිතුනෙ.මොකද දිගා ඇවිල්ලා ඉස්කෝලෙ ගියෙ දඹුලු පාරේ දෙහෙල්ගමුවෙන් හැරිලා පොඩිදුරක් ගියාම තියන ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය කියන කන්නංගර මහත්තය පටන් ගත්ත පළවෙනි ඉස්කෝල හතරෙන් එකකටනෙ.ඔන්න දිගාගෙ ගමත් එහෙම තමා.
තව එකක් දිගාලගෙ ඉස්කෝලෙ තුන් පැත්තකින්ම වටවෙලා තියෙන්නෙ බතලගොඩ වැව කියල විශාල වැවකින්. හැබැයි ඉස්කෝලෙයි වැවයි අතරෙත් අඩි 100ක විතර පළලට ලොකු ගස් එහෙම තියෙන කැලෑ කෑල්ලක් එහෙම තියනවා. අනික ඕක ගෑණු පිරිමි දෙගොල්ලොම ගිය ඉස්කෝලයක්නෙ. මේකෙ හොස්ටල් එකක් තිබ්බට දිගාටනම් විසිට් එකකට ඇරෙන්ඩ හොස්ටල් එකේ ඉන්ඩනම් චාන්ස් නෑ මොකද දිගාගෙ ගෙදර තියෙන්නෙත් කිට්ටුවමනෙ ඉතින්.
දිගාගෙ සීයා, තාත්ත මේ හැමෝම ඉතින් ඉබි පවුලෙ තමා. දැන් ඉතින් දිගාගෙ නන්ගිත් ඉබ්බියක් ඔන්න.
දිගාගෙ ප්ලෑන මේක කොටස් දෙක තුනකට කඩල ලියන්ඩ තමා මොකද දිගාට නිසදැසක් දෙකක් එහෙමත් ගලපගන්ඩ පුලුවනිනෙ ඒකයි හොඳේ. එහෙනම් එක ඉවරයි. හෙට ඉඳලා කතා ලියනවා ....................................