Monday, February 14, 2011

...........හිරිකිතය..........

කොට ගවුම ස්කිනිය(ර්)
බෙල් බොටම තුන්කාල
බලන බලන් අත කෑලි
ලස්සනක් හිතෙන්නෑ.....................
ෂෝ එකක් පමණක්ද.....................
කෙහෙරැල්ල් නෙකවර්ණ
උඩ දමා සොලවමින්
තොල් පටට නියපිටට
තනිකරම රතු පාට...............
ෂෝ එකක් පමණක්ද................
කණ් දෙකේ හෙඩ්පෝන්
අත් දෙකේ පත බැංගල්ය
ෂූ දෙකත් අඩි උසය
කතාවත් "සිංග්ලිෂ්ය"................
ෂෝ එකක් පමණක්ද.................
දැක්කොතින් මෙහෙම අය 
මොකක් හිතේවිද මට............


හිරිකිතය........ හිරිකිතය..........
අමුම අමු හිරිකිතය..........

3 comments:

  1. පටන් ගෙනම තියෙන්නේ එකෙන්ම ලාවට මඩකුත් එක්ක නොවැ.. එල එල

    ReplyDelete
  2. හොඳ ආරම්භයක්
    දිගටම ලියන්න...
    අනාගතය සුබයි...

    ReplyDelete
  3. ඉබ්බට එකක් අමතක ‍වෙලා ක‍රේ තියන අල්මාරියක විතර බඩු දාන්න පුලුවන් පන් ‍කොළ මල්ල....... :D :D

    ඉබි ගමනින් නැතුව ලියමු‍කෝ බලන්න එ‍හෙනම්.......
    අද ආපු නිසා ඔන්න දිගටම ලියන්න සුභ පැතුම්.......!!!!

    ඉබ් ‍බෝ තරහා නැතිව වර්ඩ් ‍වෙරිෆි‍කේෂන් අයින් කරමුද අපි????? ටිකක් කරදරයි ඒක.

    ReplyDelete